තණ කොළ කපන යන්ත්‍රයකට හසුවී ජීවිතය අහිමි වූ පස්සර පුංචි පුතා

0
Child Death in Passara - තණ කොළ කපන යන්ත්‍රයකට හසුවී ජීවිතය අහිමි වූ පස්සර පුංචි පුතා
පල්ලම සේරුකැලේ ප්‍රදේශයේ අවුරුදු තුනහමාරක දරු සිගිත්තකු ට්‍රැක්ටරයකට යටවි එහි තණ කොළ කපන යන්ත්‍රයකට අසුවී මිය ගොස් ඇතැයි පල්ලම පොලිසිය කියයි.

පල්ලම සේරුකැලේ විසු ඒකනායක මුදියන්සේලාගේ ශ්‍රීමාන් හිමාෂ නමැති දරුසිඟිත්තකු මෙසේ මියගොස් ඇත..

මියගිය දරුවාගේ මාමා ට්‍රැක්ටරයකින් තණ කොළ කපමින් සිටි අතරතුර එම ස්ථානයට ආ මෙම දරුව ට්‍රැක්ටරය මත වාඩි කරවා ට්‍රැක්යටරය ක්‍රියාත්මක කරවා තණ කොළ කපමින් සිට ඇත. ට්‍රැක්ටරය මත වාඩි වී සිටි දරුවා ලිස්සා බිම වැටි ට්‍රැක්යරයට සවි කර තිබු තණ කොළ කපන මැෂිමට කැපි බරපතල තුවාල ලබා එම ස්ථානයේ දිම මිය ගොස් ඇති බවත් පොලිසිය කියයි.

මෙම අවාසනාවන්ත මරණ සම්බන්ධයෙන් පල්ලම පොලිසිය තවදුරටත් පරික්ෂණ සිදු කරයි.