තවත් කොවිඩ් ආසාදිතයින් 364 දෙනෙකු අද (25) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,146කි.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 512,518ක් දක්වා ඉහළගොස් තිබේ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 997 දෙනෙකු අද (25) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 453,689ක් දක්වා ඉහළගොස් තිබේ.
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 79ක් වාර්තාවී තිබෙනවා.
මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.