මෙරටින් තවත් කොවිඩ් මරණ 82ක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12530ක් ලෙසටයි.
මෙම මරණ අතරට කාන්තාවන් 31ක් සහ පිරිමි පුද්ගලයන් 51ක් අයත්.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (23) තහවුරු කළ මෙම මරණ අතර වයස අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 21ක් වනවා.
ඒ පිරිමි 16ක් සහ කාන්තාවන් 5ක් වශයෙන්. අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 26ක් සහ පිරිමි පුද්ගලයන් 35ක් වශයෙන් මරණ 61ක් සිදුව තිබෙනවා.
ඊයේ තහවුරු කළ මරණ අතර අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තා වී නැහැ.
ගත වූ දින 7ක් ඇතුලත කොරෝනා මරණ සියයට අඩුවෙන් වාර්තාවූ 6වන දිනය අදයි.
එමෙන්ම අඛණ්ඩව මරණ 100ට අඩුවෙන් වාර්තා වූ පස්වන දිනය අදයි.
පසුගිය සෙනසුරාදා (18) මරණ 84ක් වාර්තා වූ අතර ඉරිදා දිනයේ මරණ 103ක් වාර්තා කර තිබුණා.
එමෙන්ම පසුගිය සඳුදා (20) මරණ 93ක් වාර්තා වූ අතර අඟහරුවාදා දිනයේ වාර්තා වූයේ මරණ 66ක් පමණයි.
බදාදා (22) දිනයේ කොරෝනා ආසාදිත මරණ 92ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කර තිබූ අතර ඊයේ මරණ 72ක් වාර්තා කර තිබුණා.