අද කොවිඩ් ආසාදිතයින් 2,600 ඉක්මවයි

0
අද (12) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 619 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2,641කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 485,921ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,579ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 412,812ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් ඊයේ (11) දිනයේ දී තහවුරු කරන ලද කොවිඩ් මරණ 144ක් අද (12) දිනයේ වාර්තා වනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.