සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ (29) තහවුරු කරන ලද කොවිඩ් මරණ 216ක් අද (30) දිනයේ වාර්තා වනවා.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 8991 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද වාර්තා වූ මරණ 216 දැක්වෙන්නේ මේ දක්වා දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ලෙසයි.
අද දිනයේ වාර්තා කළ මෙම මරණ අතර පිරිමි පුද්ගලයන් 115ක් සහ කාන්තාවන් 101ක් වනවා.