අදත් කොවිඩ් ආසාදිතයින් ගණන 3400 ඉක්මවයි

0
අද(16) දිනයේ වාර්තා වු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 3,414ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ,වෛරසය ආසාදනය වී ඇති තවත් 986 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

කොවිඩ් ආසාදිතයන් ලෙස මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන ඒ අනුව 355,482ක් දක්වා ඉහළ ගියා.

කොරෝනා ආසාදිතව රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ වන විටත් 40,455 ක පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටිති.

ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා රෝගීන් 2,486 ක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

Today Recoveries

මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 312,218 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 6,263ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.