තවත් කොවිඩ් ආසාදිතයින් 859 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 3,435කි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 354,968 ක් දක්වා ඉහළගොස් තිබේ.
කොවිඩ් -19 වෛසරය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් 2,547 දෙනෙකු අද (15) දිනයේ පිටවගොස් තිබේ.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 309,892ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 6000 ඉක්මවා ගොස් තිබෙනවා.