අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කිරීමට රජට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා පවසයි.
මේ වන විට ඒ සඳහා අත්සන් ලබා ගැනීමද අවසන් බවත් හෙතෙම සදහන් කරයි.
“අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාට එරෙහිව එවැනි දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කරන්න රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා අත්සන් ද අරගෙනයි තියෙන්නේ”
කෙසේ වෙතත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ධුරයෙන් ඉල්ලා අස්වන බවට වාර්තා පළ වී ඇති නිසා ඒ පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව ඉදිරි පියවර ගැනීමට නියමිත බව ද ඔහු පැවසුවේය.
කෙසේ වෙතත් නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සිය ධුරයෙන් විශ්‍රාම යාමට ඉතිරිව ඇත්තේ තවත් දින ගණනක් වන අතර ඊට අදාල ලේඛණ බාර දීමෙන් පසු ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු ඔහුගේ සේවය අවසන් වෙයි.