හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අත්හිටුවීමෙන් පසු පුරප්පාඩුව සඳහා සමගි ජන බලවේගය පක්ෂය තුළ තීව්ර තරගයක් ඇති වී තිබේ.
එම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු මන්ත්‍රීවරුන් තිදෙනෙකු අතර මෙම තරගය ඇති වී තිබේ.
අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර යන හිටපු මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරිය අතර මෙම තරඟය ඇති වී තිබේ.
කෙසේ වෙතත් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබාදීමට එරෙහිව සමගි ජන බලවේගයට විශාල සහයෝගයක් ලබාදෙන මාධ්‍ය නාලිකාවක් සිය විරෝධය එල්ල කර තිබේ.
ඇයට මන්ත්‍රී දුරය ලබා දුනහොත් තම සහයෝගය සම්පූර්ණයෙන්ම අත්හිටුවන බවද නාලිකාවේ ප්‍රධානියකු දැනුම්දී ඇත.
ඇති වී තිබෙන තත්ත්වය මත අදාළ මන්ත්‍රී ධූරය සඳහා පුද්ගලයෙකු නම් කිරීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
බොහෝ දුරට එය ජනාධිපතිවරණය අවසානය වන තෙක් කල් යනු ඇති බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තාකරයි.