රනිල්ට සහය නෑ ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙක්

0
පොහොට්ටුව ලකුණ යටතේ

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අද (29) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවති දේශපාලන මණ්ඩලය රැස්වීමෙන් අනතුරුවය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසා සිටියේ, මෙම තීරණයට විරුද්ධ අය සිටී නම් හෝ පක්ෂයේ අනුමැතියෙන් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් වහාම එම පුද්ගලයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවය.

තම පක්ෂය තුළින්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බැවින් වත්මන් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට හැකියාවක් නොමැති බව ද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් දේශපාලන විචාරකයින් පෙනවා දෙන්නේ රාජපක්ෂ කඳවුරේ සෘජු සහය නොලැබීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සුළු ජාතික ඡන්ද වැඩි ප්‍රතිශතයක් ලබා ගත හැකි වනු ඇති බවටයි. එමෙන්ම පසුගිය කාලය පුරාවට කල් මරමින් සිටි සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසද පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 40 ක පමණ සහයද වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවනු ඇති බවටද එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර තොරතුරු අනාවරනය කරනවා.