විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහාය ලබා නොදුනහොත් එදිනම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගැසට් පත්‍රය සූදානම් කර ඇති බවට තොරතුරු වාර්තා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක බලයක් ලබාගැනීමට ජනාධිපතිවරයාට අභියෝගයක් වී ඇති නිසා ඇතිවන අවිනිශ්චිතතාවයන් සමනය කරගැනීම සඳහා මෙම යැයි කියමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් ඇති බවද ඔහු පැවසීය.
මෙම තත්ත්වය මත ඇතැම් විට ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැමිණීමේ ඉඩක් ඇතැයිද හෙතෙම පවසයි.
එ් අනුව පවතින දේශපාලනය වෙනත්ම දිශාවකට වෙනස්වීමේ තත්වයක් මේ වන විට මතුවී ඇති බවද හෙතෙම කියා සිටියේය.
කෙසේ වෙතත් විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කිරීමේ කටයුත්ත අත්හිටුවන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් එම අමාත්‍යංශ ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.
ඒ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති සැක සංකා ගැන සලකා බලමිනි.
අද සිදුකරන පාර්ලිමේන්තුව විසුරුවාහැරීමක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේද විවිධ ප්‍රචාරයන් සිදුවනු දක්නට ලැබෙනවා
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අප කල තොරතුරු සොයා බැලීමකදී අණාවරණය වූයෙ රජයේ හෝ ජනපතිවරයාගේ එලෙස කිසිදු සූදානමක් නොමැති බවයි
22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීම කල් දමයි
ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් දැනට කැබිනට් අනුමැතිය හිමිවී ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් වළකින ලෙස අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.
ඒ, ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව තුරන් කිරීමේ අරමුණින් බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.