
මාස තුනක විදුලි බිල්පතක් ගෙවීමට නොහැකිවීම නිසාවෙන් ගිලන් වූ භික්ෂූන් 68 දෙනෙකු වැඩ වාසය කරන හංවැල්ල කලුඅග්ගල ගිරා ඉඹුල ප්‍රදේශයේ පිහිටි මාපිය අමිලසිරි ගිලන් භික්ෂු මධ්‍යස්ථානයෙහි විසන්ධි කර තිබූ විදුලි සම්බන්ධතාවය නැවත ලබා දීමට විදුලි බල මණ්ඩලය කටයුතු කළ බව එම මධ්‍යස්ථානයේ අනුශාසක මෝදරවානේ අමිලසිරි හිමියෝ පැවසූහ.
අදාල ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ විදුලි විසන්ධි කිරීම නිසාවෙන් ඇතිවූ අපහසුතා පිළිබදව අද (08) දින ලංකාදීප පුවත්පතේ පල වීමෙන් පසු ජනාධිපති කාර්යාලයේ මැදිහත් වීමෙන් යළි විදුලි සම්බන්ධතාවය ලැබුණු බවද උන් වහන්සේ පැවසූහ.
තවද දිවයිනේ විවිධ ප්‍රදේශවල පරිත්‍යාගශීලින් බොහෝ දෙනෙකු ද තමන්ට දුරකතන ඇමතුම් ලබා දී විදුලි බිල්පත ගෙවා දැමීමට කටයුතු කළ බවත් මේ වන විට හිග තිබූ විදුලි බිල මෙන් දෙගුණයකටත් වැඩි මුදලක් විදුලි බල මණ්ඩලය වෙත මුදල් ගෙවා ඇති බවද උන් වහන්සේ පැවසූහ.