බයියන් හෝ වහලුන් වීම ආඩම්බරයක් – සාගර | අපි උඹලට ගහනවා අම්මට සිරිවෙන්න – තිස්සකුට්ටි ආරච්චි

0

බයියන් හෝ වහලුන්

රට වෙනුවෙන් පෙනී සිටිම නිසා බයියන් හෝ වහලුන් ලෙස හඳුන්වන්නේ නම් එය ආඩම්බරයක් යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

නිවාස ගිනි තබා පහර දුන්න ද රට වෙනුවෙන් ආරම්භ කර ඇති ගමන නොනවතින බව ද හෙතෙම පැවසීය.

පොදුජන පෙරමුණ ගමන ආරම්භ කලේ රට වෙනුවෙන්, ජාතික ආරක්ෂාව වෙනුවෙන් බවත් ඔහු සඳහන් කරන ලදී.

කළුතර ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු බල මණ්ඩලය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

බයියන් හෝ වහලුන්

බයියන් හෝ වහලුන් වෙච්චි අපි උඹලට ගහනවා අම්මට සිරිවෙන්න

එහිදී අදහස් දැක්වූ පොදුජන පෙරමුණු බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කලේ මෙවැන්නක්

” උඹල ගහපු ගැහිලි අපට අමතක නැත. හැබැයි අපි මැරුවට මැරුවේ නැත ගැහුවට ගැහුවේ නැත හැබැයි පුතේ අපි උඹලට ගහනවා අම්මට සිරිවෙන්න. ඊලඟ ඡන්දෙදි බැලට් පේපරේ දිලිසි දිලිසි තියෙන පොහොට්ටුවට ඡන්දෙ දෙන්න”