
සමාජ මාධ්‍ය තුලින් මෙරට ස්වාධීන ආයතනයක් වන ශ්‍රී ලංකා පොලීසියේ අභ්‍යන්තර ප්‍රශ්න සමාජගත කරමින් එහි කීර්තිනාමයට හානි කිරීමට දරණ උත්සහයක් පිළිබඳ නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා.
ෆේස්බුක් සමූහයක ප්‍රධාන පරිපාලකවරයෙක් වන සිසිල් කුමාර සිල්වා නොහොත් කුමාර මහා නමැති පුද්ගලයෙකු මෙම කටයුතු සිදුකරන බවටයි වාර්තා වන්නේ.
අදාළ ෆේස්බුක් සමූහය හරහා පොලීසියේ පරිපාලනයට සෘජුවම ඇගිලි ගසන තත්ත්වයක් ද පෙනෙන්නට ඇති බව වාාර්තා වනවා.
සාවද්‍ය තොරතුරු සමාජජාලයට මුදාහැර ශ්‍රී ලංකා පොලීසියේ කීර්තිනාමයට පමණක් නොව සියලුම නිලයන්ගේ කීර්තිනාමයන්ටද මේ හරහා හානිකරන බවටයි තොරතුරු පවතින්නේ.
එමෙන්ම මෙම ෆේස්බුක් සමූහයට කිසිදු තොරතුරක් ලබා නොදෙන ලෙස දන්වමින් පොලිස්පතිවරයා විසින් මීට පෙර නිවේදනයක්ද නිකුත් කර තිබුණා.
එසේවුවද අදාළ ෆේස්බුක් සමූහය හරහා පොලිස් ස්ථාන ඇතුලත ජායාරූප, වීඩියෝ සහ පොලිස් මූලස්ථානය මගින් එවන ලබන නිවේදන මේ හරහා සමාජගත කර ඇති බවටයි පැවසෙන්නේ.
මෙසේ පරිපාලන සහ බුද්ධිමය තොරතුරු පිටස්තර පුද්ගලයකු මගින් සමජගත කිරීම තුලින් රාජ්‍ය ආරක්ෂාවට විශාල බලපෑමක් ඇති වන බව ද ආරක්ෂක සේවයට සම්බන්ධ ඇතැම් පාර්ශව පවසනවා.
එමෙන්ම සියලුම නිලයන්ගේ ජායාරූප සමාජගත කරමින් එම නිලයන්ට අදාල නිලධාරින් පිලිබදව ද සාවද්‍ය තොරතුරු මේ හරහා සමාජගත කරන බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.
එමෙන්ම පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචන වලින් බැන මෙම ෆේස්බුක් සමූහය හරහා ඒවා සමාජගත ඇති බවද පැවසෙනවා.
ඉකුත් දා මෙම ෆේස්බුක් සමූහය මෙහෙයවන පුද්ගලයා විසින් පොලිස් විද්‍යාලයේ අධ්‍යක්‍ෂවරයා පිලිබද අසභ්‍ය වචනයෙන් සමාජජාලයේ සටහන් තබා තිබුණා.
අදාළ පුද්ගලයා විසින් ඉහල නිලධාරින්ට පහරදීමට හෝ ඔවුන් පිළිබඳ වෛරී සිතුවිලි කනිෂ්ට නිලධාරීන්ට ඇති වන ආකාරයේ ප්‍රකාශ වීඩියෝ තාක්ෂණය හරහා නිකුත් කර ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මේ හරහා සිවිල් සමාජය තුල මෙන්ම පොලීසියට බැදීමට කැමති පිරිස් වෙත ද පොලීසිය පිළිබඳ වැරදි සිත‘ිවිල්ලක් සහ වැටහීමක් ඇති වන බවට ආරක්ෂක සේවයට සම්බන්ධ පිරිස් පවසනවා.




















































