නාන කාමරයේ සිටි කාන්තාවකගේ දර්ශන වීඩියෝ කළ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට

0

නාන කාමරයේ සිටි කාන්තාවකගේ දර්ශන

නිවසකට ඇතුළු වී  නාන කාමරයේ සිටි කාන්තාවකගේ දර්ශන ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ බව කියන ඇමති ආරක්ෂක  කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව අම්පාර මූලස්ථාන පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස්  සැරයන්වරයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ගේආරක්ෂාවට යොදවා සිටි අයෙක් යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් අද(25) පැවසීය.

මෙම පොලිස් සැරයන්වරයා හිටපු මන්ත්‍රීවරියගේ නිවසේ රාජකාරියේ නිරතව සිටින අතර වාරයේ යාබද  ඉඩමකටහොර රහසේ ඇතුළු වීඑම ඉඩමේ පිහිටි නිවසේ නාන කාමරයක  සිටි කාන්තාවගේ දර්ශනසිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කරගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.

එම ජංගම දුරකථනයද  පොලිස් භාරයට ගෙන ඇතැයි කියති.

කාන්තාව මේ බව දැක කරන ලදපැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා  සැරයන්වරයා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.