මිහින්තලා රජමහා විහාරාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්

0

ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්

තමන් වහන්සේ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

පසුගිය පොසොන් සමය තුළ දී මෙම ඝාතන කුමන්ත්‍රණය ක්‍රියාත්මක වූ බව ද උන්වහන්සේ කියා සිටිති.

අන්තර්ජාල නායිකාවක සාකච්ඡාවට හිමියෝ මෙම අදහස් පළ කර තිබේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට පුරාවිද්‍යා ඉඩම් වලට අත තැබීමට කිසිදු අයිතියක් නොමැති බවත් එම ඉඩම් සාංඝික දේපොළ බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් තමන් වහන්සේ පෙනී සිටින බවත් මිහින්තලේ හිමියන් එහිදී තව දුරටත් සඳහන් කර ඇත.