ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති සහ වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අද උදෑසන අභාවප්රාප්ත වූ බව ඔහුගේ දියණිය ප්රකාශ කළා.
කොරෝනා ආසාදිත වීම හේතුවෙන් කොතලාවල ආරක්ෂක රෝහලෙහි ප්රතිකාර ලබමින් සිටියදී අද උදෑසන ඒ මහතා මියගොස් ඇත.
කොරෝනා ආසාදිත වීම හේතුවෙන් ඒ මහතා පසුගිය තුන්වැනිදා කොතලාවල ආරක්ෂක රෝහලට ඇතුළත් කර තිබුණා.
මියයන විට ඒ මහතා 83 වියේ පසුවිය.





















































