තවත් කොවිඩ් මරණ 14ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
එම මරණ ඊයේ (25) සිදුව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් ආසාදිත මරණ ගණන 13,654කි.
එම මරණ අතරට කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 9 දෙනෙකු අයත්ය.
අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙක් ද මිය ගොස් ඇති බව සඳහන් වේ.