ඊයේ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ

0
Covid 19 new cases in sri lanka yesterday - කොරෝනා ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ

බස්නාහිර පළාතෙන් ඊයේ (21) දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 1,697 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඊයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,547ක් වන අතර ඉන් ආසාදිතයින් 9ක් විදේශගතව සිටි පැමිණි අයයි.

සෙසු ආසාදිතයින් 3,538 දෙනා දිවයිනේ දිස්ත්‍රික්ක 25න් ම වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 800 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 617 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 280 දෙනෙකු හඳුනාගෙන තිබේ.

තෙවැනියට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. ඒ ආසාදිතයින් 297ක් ලෙසය‍.

මහනුවර දිස්ත්‍රික්කය 172ක්, ගාල්ල 278ක්, කෑගල්ල 109ක්, අනුරාධපුරය 108ක්, මාතර 109ක්, මාතලේ 118ක් ලෙස වාර්තා ආසාදිතයින් වාර්තා වී තිබේ.

මේ අතර ඊයේ දිස්ත්‍රික්ක 06ක දෛනික ආසාදිතයින් සංඛාව 50 ඉක්මවා තිබුණි.

ඊයේ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ පහතින් දැක්වේ.