ප්‍රවීණ නර්නත ශිල්පී කුලසිරි බුදවත්තයන් දිවියෙන් සමුගනී

0
Kulasiri budawatta - ප්‍රවීණ නර්නත ශිල්පී කුලසිරි බුදවත්තයන් දිවියෙන් සමුගනී
ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 71 වන වියේ පසුවිය.

කලක් අසනීපව සිටි ඒ මහතා ගල්කිස්ස කලා පුරයේ පිහිටි සිය නිවෙසේදී අභාවප්‍රාප්ත වූ බව ඒ මහතාගේ ඥාතීන් පැවසීය.

ශ්‍රී ලංකාවේ නර්ථන ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙයක් කළ ඒ මහතා මෙරට පාරම්පරික කලාව රැකගැනීමට ද ප්‍රමුඛ මෙහෙයක් ඉටු කළේය.

මෙරට නර්තන කලා කෙත පෝෂණය කිරීමේ ඉතා විශිෂ්ට සේවාවක නිරත වු ඒ මහතා නර්තන ආචාර්යවරයෙකු ද වේ.

වර්තමාන නර්තන ක්ෂේත්‍රයේ සිටින බොහෝ නර්තන ශිල්පීන් කුලසිරි බුදවත්ත මහතා යටතේ අධ්‍යාපනය හදාරා තිබේ.