ලබන 21 වනදා දක්වා ක්‍රියාත්මක වන සංචරණ සීමා තවදුරටත් දැඩි කරන්නැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා කියා සිටියේ සේවා ස්ථාන වලට කැදවන සේවක සංඛ්‍යාව අවම කිරීම / මහාමාර්ග වල ගැවසෙන ජනතාව අවම කිරීම / නිවාසවලට ජංගම රථ මගින් සැපයෙන සේවා පුලුල් කිරිම වැනි දෑ තවදුරටත් සිදුකළ යුතු බවයි.
මේ ආකාරයෙන් දැඩිව සංචරණ සීමා ක්‍රියාත්මක නොකරන්නේ නම් ඉදිරියේදි දෛනික කොරෝනා මරණ හා රෝගීන් ඉහල යාමේ අවධානමක් පවතින බවද වෙද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා කියා සිටියා.
කොරෝනා මර්ධනය සදහා ජනතාවගේද සහය අත්‍යවශ්‍ය බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.