එක්ව නැගිටිමු කඩවත රැළියට ගෝඨා සමග පොහොට්ටුවෙන් 30 ක්

0
එක්ව නැගිටිමු

කඩවත නගරයේදී 21 දිනයේ පැවැත්වීමට සංවිධානය කර ඇති ‘එක්ව නැගිටිමු’ ජනරැළිය සඳහා ශ‍්‍රී ලංකා පොදු ගැන පෙරමුණ නියෝජනය කරන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් තිස් දෙනකුට වැඩි පිරිසක් සහභාගි වීමට නියමිත බව වාර්තා වෙයි.

එමෙන්ම එම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයන්හි හිටපු සභාපතිවරුන් 19 දෙනාගෙන් පහළොස්දෙනකුට ආසන්න පිරිසක් ඒ සඳහා සහභාගි වීමට නියමිතව ඇති බවද සඳහන්ය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එම රැලිය සඳහා සහභාගී වන බවට පොරොන්දු වී සිටි නමුත් අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත ඔහුගේ සහභාගි වීම අවිනිශ්චිත බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේය.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්නයෙන් මෙම රැළිය පැවැත්වීමට නියමිතව ඇත