ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව (ආ) ඡේදයෙහි සඳහන් “සාවුරුද්දක් ඉක්මවා” යන වචන වෙනුවට “වසර පහක් ඉක්මවා” යන වචන ආදේශ කරමින් 83 වන ව්‍යවස්ථාව (ආ) ඡේදය සංශෝධනය පිණිස අමාත්‍ය මණ්ඩලය සිය ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී තිබුණි.
2024 ජූලි 09 වනදා පැවති කැබිනට් රැස්වීමේදී එම අනුමැතිය දී තිබේ.
ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස්කළ කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශන ලැබී ඇති බව වාර්තා වෙයි.
එම කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කෙරේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඒකාබද්ධ ව ඉදිරිපත්කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.
22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත උගුලක් – නීතීඥ සාමුහිකය
කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වුවහොත් ජනාධිපතිවරයාට ජනමත විචාරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසමට උපදෙස් ලබාදෙන වතාවරණයක් උද්ගත වන බව, නීතීඥ සාමුහිකය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඔවුන් පවසන්නේ, එම පනත් කෙටුම්පත සම්මත වී දින 30 ක් ඇතුළත ජනමත විචාරණයක් පැවැත්වීමට සිදුවන බවයි.
මේ හරහා ශ්‍රී ලංකාවට ජාතික මැතිවරණ දෙකක බරක් දැරීමට සිදුවන අතර, එය ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කරන බවට නීතිඥ සාමූහිකය අනතුරු අඟවයි.
ඔවුන් තවදුරටත් පවසන්නේ, ජනමත විචාරණයක් පැවැත්වීම යනු රුපියල් බිලියන ගණනන් වැය වන ක්‍රියාවලියක් බවයි.
පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අරමුදල් නොමැති බවට ශ්‍රී ලංකා රජය අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර ඇති බව ද නීතීඥ සාමූහිකය පෙන්වා දෙයි.
ඔවුන් පවසන්නේ, මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ ධුර කාලයේ උපරිමය සම්බන්දයෙන් කිසිදු හදිසි අවශ්‍යතාවක් නොමැති බවයි.
යෝජනා කර ඇති ව්‍යවස්ථා සංශෝධනය මැතිවරණ ක්‍රමවේදය තවත් අර්බුදකාරී මට්ටමකට ගෙන ඒමේ ප්රයත්නයක් බව ඔවුහු පෙන්වාදෙති.
ජනාධිපතිවරණයෙන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බව ද, නීතිඥ සාමූහිකය සිය නිවේදනයෙන් සිහිපත් කරයි.
එවැනි පසුබිමක ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කර ඇති ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හෙළාදකින අතර, එය මෙරට මැතිවරණ ක්‍රමවේදය විකෘති කිරීමේ උත්සාහයක් බව ද පෙන්වා දෙයි.
සියලූම ප්රජාතන්ත්රවාදී බලවේග මේ ප්රයන්තනයන්ට එරෙහිව නැගී සිටිය යුතු බව නීතිඥ සාමුහිකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ජනාධිපති නීතිඥවරු දසදෙනෙකුට අධික සහ තවත් නීතිඥවරු සමූහයක් විසින් ඒකාබද්ධව මෙම නිවේදනය නිකුත් කර තිබේ.