රට බේරගන්න ආ උද්දික ප්‍රේමරත්න සිනමාවේ පුරුද්දට වෙඩි තියාගන්න එකත් රඟපාලා කැනඩා පැනලා මාට්ටු

0
උද්දික ප්‍රේමරත්න

ඉකුත් වසරේ දෙසැම්බර් මස 17 වැනිදා අනුරාධපුර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථය ඉලක්ක කර සිදු කරන ලද වෙඩි ප්‍රහාරය ඔහු විසින්ම සැලසුම් කරන ලද්දක් බව හෙළි වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සඳහන් කරන්නේ එම ප්‍රහාරය මන්ත්‍රීවරයා සහ එම ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරි වරයෙක් සමග එක්ව සැලසුම් සහගතව සිදු කරන ලද්දක් බවයි.

මෙතෙක් සිදු කරන ලද පරීක්ෂණවලින් ඒ බව හෙළි වී ඇති බවද තල්දුව මහතා සඳහන් කළේය.

වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ පොලිස් අධිකාරිවරයා මේ වන විට රටින් පිටව ගොස් ඇති බවත් වෙනත් පොලිස් නිලධාරියකු අත ඔහුගේ ගිනි අවිය පොලිසියට ආපසු භාරදී ඇති බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවද ඔහු කියා සිටී.

උද්දික පෙම්වරත්න මහතා තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මේ වන විට සිය පවුල සමග කැනඩාවේ පදිංචියට ගොස් ඇත.