ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මන්නා රමේෂ් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

0
මන්නා රමේෂ්

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන මන්නා රමේෂ් හෙවත් රමේෂ් ප්‍රියජනක පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසයි.

ඒ, පොලිස්පතිවරයාගේ නියමය පරිදි ය.

Newsweb.lk සිදු කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මේ බව තහවුරු කළේ ය.

32 හැවිරිදි වියේ පසුවන අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගෙනැවිත් තිබිණි.

පසුව සැකකරු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය වෙත කැඳවා ගෙන පැය 4ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අද උදෑසන 8:40ට පමණ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබිණි.