ආවා කල්ලියේ නායකයා අත්අඩංගුවට

0
ආවා කල්ලියේ නායකයා

යාපනයේ සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ ආවා කල්ලියේ නායකයා ලෙස සැකකෙරෙන පුද්ගලයා වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස යශෝරාපුර ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලක රැඳී සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

විදෙස් රටකට පළායාමේ අදහසින් ඔහු මෙලෙස ගල්කිස්ස ප්‍රදේශයේ රැඳී සිටින්නට ඇති බවට සැකපළ කරන බව
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔහු තදින් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිට ඇති අතර අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 300ක ප්‍රමාණයක්ද සොයාගෙන තිබෙනවා.