අමාත්‍ය අනුරාධ ලංකා ජයරත්න එලවපු කොන්දක් ඇති රාජ්‍ය නිලධාරිනිය මෙන්න

0
අනුරාධ ලංකා ජයරත්න

උඩපලාත රජයේ ඉඩමක් අත්පත් කරගෙන එම ඉඩමේ රාජ්‍ය මුදල් භාවිතයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක්, ඇතුළු ඉදිකිරීම් කර ඉන් උපයනා ආදායම පුද්ගලිකව පරිහරණය කිරීම හේතුවෙන්  හිටපු අගමැති දී.මූ. ජයරත්නගේ පුත් අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ලංකා ජයරත්න මහතාට ඉන් ඉවත් වෙන ලෙස දන්වා තිබෙනවා.

අනීතිකව සිදුකරන රාජ්‍ය දේපල පරහරණය නවත්වා 2024.02.12 වනවිට එම දේපලවලින් අයිතිය අත්හැර ඉවත්වන ලෙස උඩපලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න මහත්මිය රාජ්‍ය අමාත්‍ය අනුරාධ ලංකා ජයරත්න මහතාට ලිඛිතව දන්වා තිබුණා.

රජයේ ඉඩම් සන්තකය ලබාගැනීමේ පනතේ 3වන වගන්තියට අනුව එම වත්කමේ නිසි බලධාරියා ලෙස තමන්ට ඇති බලතල ප්‍රකාරව ප්‍රාදේශීය ලේකම්වරිය, අනුරාධ ලංකා ජයරත්නට වහාම එම දේපළ අත හැර යන ලෙස දන්වමින් අදාළ සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට ගොස්  අදාළ ලිඛිත නිවේදනය ඇලවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

අංගමන බටහිර ග්‍රාම නිලධාරී වසමේ රදාව වත්තේ හෙක්ටයාර 0.3283ක් පමණ වූ බිම් කොටසක් අනුරාධ ජයරත්න විසින් මෙතෙක් අනවසරයෙන් භුක්ති විඳමින් ආදායම් උපදවා පුද්ගලිකව පරිහරණය කර තිබෙනවා.

මේ අතර, ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ගත් මෙම තීන්දුවත් සමග ඇයට රාජ්‍ය නිලධාරීන්ගෙන් පවා බලපෑම් එල්ල වෙමින් ඇති බවද වාර්තා වෙනවා.

මෙම නිලධාරිනිය මෑතකදී උඩපලාත ප්‍රාදේශීය ලේකම් ධූරයේ වැඩ භාරගෙන ඇති අතර මින් පෙර සිටි බොහෝ රාජ්‍ය නිලධාරීන් මෙම ගැටලුව නොසලකා හැර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.