ජාතික ජන බලවේගය දැනටමත් දිනලා. වාර්ථාව එලියට.

0
ජාතික ජන බලවේගය

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ඇති බවට විශ්වාසදායක සමීක්ෂණ වාර්තාවක් වාර්තා ලැබී ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

පසුගිය නොවැම්බර් මාසය වන විට සියයට පණහක ප්‍රමාණයක මහජන කැමැත්තක් තිබූ බවද හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් පින්ලන්තයේ පවත්වන ලද ජන හමුවක් අමතමිනි.

දේශපාලන නායකත්වය වෙනස් නොකර ශ්‍රී ලංකාව වැටී ඇති දුෂ්කර තත්ත්වයෙන් ගොඩ ගත නොහැකි බවද පැවසූ ඔහු තම පක්ෂයේ වැඩපිළිවෙළ පිළිබඳව ජාතික වශයෙන් මෙන්ම විදෙස්ගත ලාංකිකයන්ගේ ද බහුතර විශ්වාසයක් ලැබී ඇති බව සඳහන් කළේය.

රටේ ජනතාව තම දේශපාලනය කෙරෙහි තබා ඇති විශ්වාසය කිසි ලෙසකින් පළුදු නොකරන බවද පැවසූ රත්නායක මහතා ජාතික ජනබලවේගය ජනතා විරෝධී කඳවුරු නියෝජනය කරන කිසිවෙකු සමග දේශපාලන ගනුදෙනුවක් නොමැති බවද කියා සිටියේය.