බෙලිඅත්ත පිටවුම ආසන්නයේදී බස් රථයක් ගිනි ගනී

0
බස් රථයක් ගිනි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවුම ආසන්නයේදී බස් රථයක් ගිනි ගෙන තිබෙනවා.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ සුඛෝපභෝගි බස් රථයක් මෙලෙස ගිනිගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම බස් රථය මුළුමනින් ගිනි ගෙන තිබෙන අතර ගින්න නිවීමට පොලිස් විශේෂ කාර්‍ය බලකා නිළධාරින් කටයුතු කර තිබෙනවා.

කෙසේවෙතත්, අදාළ අනතුර හේතුවෙන් මගීන්ට කිසිදු හානියක් සිදු වී නොමැති බව පොලීසිය සඳහන් කළා.

මේ හේතුවෙන්, බෙලිඅත්ත පිවිසුම සිට කසාගල පිවිසුම දක්වා අධිවේගි මාර්ග කොටස වසා දමා තිබෙන අතර කසාගල පිවිසුමෙන් එළියට ගෙනෙන වාහන යළි බෙලිඅත්ත පිවිසුමෙන් ඇතුල් කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.