දිස්ත්‍රික්ක 05ක හඳුනාගත් ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම්

0
නායයෑමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 05ක හඳුනාගත් ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එම නිවේදන 30 ප.ව. 2:30 සිට 31 ප.ව. 2:30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ සොරනාතොට, පස්සර යන ප්‍රදේශවලට, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයට, මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම ප්‍රදේශයට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත, වලපනේ ප්‍රදේශවලට අදාළ වන පරිදි එම නායයෑමේ අනතුරු ඇඟවීමේ (මට්ටම 2 යටතේ) නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පරිසරයේ සිදුවන වෙනස්කම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසය.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, හාලිඇල සහ බණ්ඩාරවෙල ප්‍රදේශ සහ මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලෙගම, රත්තොට, නාඋල යන ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඇදහැලෙන අධික වර්ෂාවත් සමග 18 වංගුව මාර්ගයේ 14 වන වංගුව ආසන්නයේ සිදුවූ නායයෑමක් හේතුවෙන් එහි රථවාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබේ.