71 හැවිරිදි තිදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙක් අල්ලයි. වැරදීමකින් පොලීසියෙන් ඇල්ලූ දියණිය නිදොස් කොට නිදහස් කෙරේ.

1
තිදරු මවගේ ඝාතනය

කහවත්ත වැල්ලදුර වෙලේවත්තේ 71 හැවිරිදි තිදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් ගතව සිටි ඇගේ දියණිය නිදොස්කොට නිදහස් කරන්නැයි පැල්මඩුල්ල මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා නියෝග කළේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇගේ දියණිය සම්බන්ධ නොමැති බවට කළ පරීක්ෂණවලින් අනාවරණය වි ඇති බව පොලිසියට දැනුම් දිමෙන් පසු මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 01 වැනි දා තෙක් රිමාන්ඩ් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මරණකාරියගේ නිවසේ අලුත්වැඩියා සදහා ආගිය මරණකාරියගේ හිතවතකු බවත් මරණකාරියගේ රන් භාණ්ඩ සොරාගැනිම සම්බන්ධයෙන් සැකය සැකකරු වෙත යොමූවිම නිසා බවත් ඒ නිසා සිද්ධිය වු දින ද දුරකථන ඇමතුම් නවයක් මරණකාරිය් විසින් සැකකරුට ලබාගෙන ඇති නමුත් පිළිතුරු දි ඇත්තේ එක් ඇමතුමකට පමණක් බවත් තාක්ෂණික පර්වේශණීය සාක්කි මගින් අණාවරනය වු බව කහවත්ත පොලිසිය මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දැක්වීය.

රන් භාණ්ඩ සොරාගැනිම ගැන සැකකරු මරණකාරිය හමුවේ පිළිගෙන එහි වටිනාකම මුදලින් ගෙවන බවට පොරොන්දු වි ඇතැයි ද පරික්ෂණ වලදි හෙළි වි තිබේ