ගාසා තිරයේ වැසියන්ට ලංකාවෙන් තේ

0
ගාසා තිරයේ වැසියන්ට

ගාසා තිරයේ වැසියන්ට ශ්‍රී ලංකාව විසින් තේ කිලෝග්‍රෑම් දහසක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

එම ආධාර තොගය සවුදි අරාබි ආණ්ඩුව හරහා ගාසා තීරය වෙත යැවීමට කටයුතු සූදානම් කර තිබේ.

එම පරිත්‍යාගය ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සිදුකරනු ලබයි.

ශ‍්‍රී ලංකන් ගුවන් විසින් සවුදි අරාබියේ රියාදු නුවර වෙත මෙම තොගය නුදුරේදීම රැගෙන යාමට නියමිතය.