නව බදු ප්‍රතිපත්තිය අනුව තෙල් වැඩිවන ගාන මෙන්න.

0
බදු ප්‍රතිපත්තිය

නව බදු ප්‍රතිපත්තිය අනුව ඩීසල් ලීටරයක් රු.34 කින්, හා 92 පෙට්‍රල් ලීටරයක් රු. 38 කින් පමණ වැඩිවෙන බවත්, ලබන ලබන වසරේ ආර්ථිකය මේ ආකාරයට ධන ආර්ථිකයක් බවට පත් කර ගැනීමට උත්සාහ කළ ද ආර්ථිකය අනිවාර්යෙන්ම සෘණ වන බව’ ද එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ එක්සත් ජනරජ පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති ජනමාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩි දුර අදහස් දැක් වූ රණවක මහතා,

මෙතෙක් කාලයක් වැට් බදු යොදා නොගත්ත තවත් භාණ්ඩ 97කට වැට් බදු එකතු කිරීම සිදුකළ බවත් ,ආණ්ඩුවට බහුතරය තිබුණ ද මේ ආකාරයට පාර්ලිමේන්තු සම්ප්‍රදාය මෙවැනි බලහත්කාරී අනුමත කිරීම් කර ගැනීමෙන් තමන්ගේ අසංවරකමත්, අශෝබන කමත් මේ සමාජයට පෙන් වූ බවත් ඊට ඔවුන්ගේ බලගතු විරෝධය පළ කරන බව ද, ප්‍රකාශ කළේය.

2022 තිබූ ආණ්ඩුවේ ආදායම් වලට වඩා 2025 වනවිට ආණ්ඩුවේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 6.5%කින් වැඩි කරගැනීමට අන්තර් ජාතික මූල්‍ය අරමුදල දැනුම් දී ඇති බවද වසර 3 ක් වැනි කෙටි කාළයක් තුළ ලොව කිසිදු රටකට අත්පත් කොට ගත හැකි තත්ත්වයක් නොවන බවද මන්ත්‍රිවරයා පැවසූවේය.