ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජෝන් කෙරී අතර හමුවක්

0
ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ දේශගුණික විපර්යාස පිළිබඳ නියෝජිත ජෝන් කෙරී මහතා අතර හමුවක් සිදුව තිබේ.

ඩුබායිහිදී පැවැත්වෙන COP 28 සමුළුව අතරතුරදී මෙම හමුව සිදුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එහිදී යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ කටයුතු මෙන්ම, දේශගුණික විපර්යාස ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීමේදී පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.