හේතුවක් නැතිව හිරේ දැම්මාට රිෂාඩ් ගෝඨාට නඩු දමයි

0
හිරේ දැම්මාට

තමන් වැරදි ලෙස අත්අඩංගුවට ගෙන හිරේ දැම්මාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජ්ය නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පවරන බව සමස්ත ලංකා මහජන කොංග්රසයේ (ACMC) පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් පවසයි.Sri Lanka Latest News

අද (දෙසැ 01) පාර්ලිමේන්තුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්රී බදියුදීන් චෝදනා කළේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ත්රස්ත විමර්ශන කොට්ඨාශයේ (TID) අධ්යක්ෂවරයා එක්ව දේශපාලන වාසි තකා තමන්ව කොටුකර වසර 05ක් සිරගත කර තැබීමට සැලසුම් කර තිබූ බවයි.

තමාට එරෙහිව අසත්ය ප්රකාශ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් තම විෂය පථය යටතේ සේවය කරන රාජ්ය නිලධාරීන්ට තර්ජනය කළ නමුත්, ඔවුන් එය ප්රතික්ෂේප කළ නිසා තමාට එරෙහිව පවරා ඇති සියලුම නඩුවලින් තමා නිදහස් කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

තමන්ව වැරදි ලෙස රඳවා තබා ගැනීමට එරෙහිව ත්රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්යක්ෂ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සියලුම නිලධාරීන්ට එරෙහිව ලබන සතියේ නඩු පවරන බව පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් ප්රකාශ කළේය.

නඩුව පවරා එම පුද්ගලයන්ගෙන් වන්දි ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.