ක්‍රිකට් ප්‍රශ්ණය සම්පූර්ණයෙන් විසඳන්න එන ජනපතිවරනය තෙක් ඉන්න වෙයි. රොෂාන් රණසිංහ ගේ වාහන අංගනයක තිබූ හොර වාහනයක් වලානෙන් අල්ලයි.

0
රොෂාන් රණසිංහ

ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙදර ගිය විට ක්‍රිකට් හැදීම ආරම්භ කරන බව ක‍්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා පවසා ඇත.

‘ක්‍රිකට් ප්‍රශ්න ඉවර වෙන්නේ කවදාදැයි’ පාර්ලිමේන්තු ලොබියේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කල විමසීමකට අමාත්‍යවරයා එසේ සඳහන් කර ඇත.

නමුක් පාලක මණ්ඩලය ගෙදර නොගියොත් කරන්නේ කුමක්දැයි ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා නැවත විමසා ඇත.

‘එහෙම වුනොත් මීලගට එන ජනාධිපතිවරණෙන් සියලු ප්‍රශ්නෙ සම්පුර්නෙන්ම විසඳලා දානවා’ ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ක්‍රිකට් අතුරු කමිටුව ගැන සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ඇමැති අනුකමිටුවේ සාමාජිකයන් අමාත්‍ය කංචන විජේසේකර රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අතර පාර්ලිමේන්තු ලොබියේ සාකච්ඡාවක් පැවති අතරතුර එහි පැමිණි ක‍්‍රීඩා ඇමතිවරයා සමග මෙම සාකච්චාව සිදුව ඇත.

රොෂාන් රණසිංහ හොර වාහනයක් තියාගෙන මාට්ටු

ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට අයත් දඹුල්ල යුරෝ නිපෝන් නැමැති පෞද්ගලික වාහන අංගනයේ තිබුණු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා කමකින් යුතු ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථයක් වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන 23 දින දඹුල්ල පොලිසියට භාරදී තිබේ.

එම වාහනය තීරු බදු නොගෙවා තිබෙන බවත් කූට ලේඛණ සකසා ඇති බවට ලද තොරතුරක් මත ඔවුන් භාරයට ගෙන දඹුල්ල පොලිසියට භාරදුන් බව වලාන වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් දඹුල්ල පොලිීසිය දැනුවත් කොට තිබීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල සහකාර පොලිස් අධිකාරී රුක්මල් තෙන්නකෝන් මහතාගෙන් විමසීමේදී කියා සිටියේ තමන් නිවාඩු ලබාගෙන තිබෙන බවය.

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහත්ගෙන් විමසීමේ දී කියා සිටියේ ඒ පිළිබඳව දඹුල්ල මුලස්ථාන පොලිස්පරික්ෂකවරයා ගෙන් විමසිය යුතු බවය.

ඹුල්ල මුලස්ඨාන පොලිස් පරීක්ෂක එස් .පි .ආර් .ඇල්ලේපොල මහතාගෙන් විමසීමේ දී කියා සිටියේ තමන් ද එදින නිවාඩු සිටි නිසා නිසි තොරතුරක් නොදන්නා බවය.

23 දින වැඩ බැලු ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් කරුණාතිලක මහතා කියා සිටියේ ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථයක් වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන 23 දින දඹුල්ල පොලිසියට භාරදී ඇති බවය.

ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කරන බව ඒ මහතා පැවසිය. කෙසේ වෙතත් වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථාන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා ගෙන් දුරකථනයෙන් විමසීමේ දී කියා සිටියේ යම් කිසි සිද්ධියක් සම්බන්ධයෙන් එම වාහනයක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එහි තොරතුරු ලබා දීමට තමාට හැකියාවක් නොමැති බවය.

අධිකරණ භූමිය රැඳී සිටින බවත් පස්වරුව වන විට එහි තොරතුරක් ලබා දීමට හැකි බව පවසා ඔහු ද දුරකථනය විසන්ධි කළේය. කෙසේ වෙතත් ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ දඹුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති වාහන අංගනයේ මෙම ජීප් රථය තිබෙන බවට තොරතුරු ලැබී වලාන දූෂණ ඒකකය නිලධාරීන් පැමිණෙන විට එම වාහනය රොෂාන් රණසිංහ මහතාගේ වාහන අංගනයේ ඉදිරිපිට පිහිටි වෙනත් ගරාජයක අලුත් වැඩියාවක් කරමින් තිබියදී පොලිස් භාරයට ගෙන තිබේ.

මේ පිළිබඳව රොෂාන් රණසිංහ අමාත්‍ය වරයවරයාගේ පෞද්ගලික වාහන අංගනයේ අධ්‍යක්ෂවරයකු වන ඉන්දික රත්නායක මහතාට අයිති බවත් ඔහුගෙන් විමසීමේ දී කියා සිටියේ මෙම වාහනය නීත්‍යානුකූල ලියකියවිලි සියල්ල තමන් සතුව පවතින බවය.

කිසිදු ආකාරයකින් දූෂණයක් අක්‍රමිකතාව සිදු කර නොමැති බවද මෙහි නියම අයිතිකරුට පවා නොදන්නවා පොලිසියෙන් පැමිණ මෙම වාහනය රැගෙන ගොස් ඇතැයි චෝදනා කළේය.

කෙසේ වෙතත් මේ වලාන දූෂණ මර්දන අංශයේ නිලධාරීන් ත්‍රිරෝද රථයකින් දඹුල්ල, කුරුණෑගල, වාද්දුව, පොළොන්නරුව, ආදී ප්‍රදේශ වල පිහිටි පෞද්ගලික වාහන අංගන කිහිපයක පරීක්ෂාවන් සිදු කර පොළොන්නරුව ප්‍රදේශයේ දී මෙවැනිම වාහනයක් අත්අඩංගුවට ගෙන ඇතැයි දැනගන්නට තිබේ.

මේ පිළිබඳව විමසීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයක් උත්සාහ කළ ද ඔහු ගේ ජංගම දුරකථනය ජාල අපහසුතාවක් ඇති ස්ථානයක රැඳී සිටින බවට වාදනය කෙරිණි.