ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියට චීනයෙන් අඛණ්‍ඩ සහයෝගය

0
ණය ප්‍රතිව්‍යුහගත

වත්මන් අභියෝගයන්ට මුහුණ දෙන ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී අඛණ්ඩව සක්‍රිය කාර්යභාරය ඉටු කරනු ඇති බව චීනය පවසයි.

චීන අපනයන-ආනයන බැංකුව සහ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව මේ වනවිට මූලික වශයෙන් එකඟතාවයකට එළඹ ඇත. මේ සම්බන්ධයෙන් අද(24) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පිළිතුරු දුන්නාය.
ශ්‍රී ලංකාව සමග සක්‍රිය ව සාකච්ඡා පැවැත්වීමටත් සෙසු ණය හිමිපාර්ශ්වයන් සමග මිත්‍රශීලිව අදහස් හුවමාරු කර ගැනීමටත් චීනය සිය මුල්‍ය ආයතනවලට අඛණ්ඩව සහාය වනු ඇති බව ද ඇය ප්‍රකාශ කළාය. විවිධ අසීරුතාවයන්ට මුහුණ දෙන ශ්‍රී ලංකාවේ ණය පීඩනය ලිහිල් කර තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට සහාය වීම සඳහා චීනය සක්‍රිය දායකත්වයක් ලබා දෙන බවද Mao Ning මහත්මිය ප්‍රකාශ කළාය.