ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව අතර පැවති තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 05ක ජයක්

0
ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව අතර පැවති තරගයෙන් කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 244ක් රැස් කළේය.

ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු වාර 47යි පන්දු 03ක් අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 247ක් රැස් කිරීමට සමත් විය.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් අස්මතුල්ලාහ් ඕමර්සායි නොදැවී ලකුණු 97ක් සහ දකුණු අප්‍රිකාව වෙනුවෙන් රසී වැන්ඩර් ඩූසන් නොදැවී ලකුණු 76ක් රැස් කළහ.