ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රක්ෂිත බණ්ධනාගාර ගත කෙරේ

0
බීලා වාහන පැදවූ

බීමතින් රිය ධාවනය කර රථ වාහන දෙකක් අනතුරට ලක් කළැයි අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  රවී සෙනෙවිරත්න මහතා ලබන 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝග කළේය.

බම්බලපිටිය දෙස සිට දෙහිවල දෙසට ධාවනය කරමින් තිබූ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා  පදවන ලද මෝටර්  රථය වැල්ලවත්ත මුහුදු මාවතේ මිරාජ් හෝටලය ඉදිරිපිට නවතා තිබූ මෝටර්  රථයක සහා නවතා තිබූ බස් රථයක හානි  කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ගෙන ඇත.

බීමත් ශ්වසන පරීක්ෂණ පරික්ෂාවේ දී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බීමත්ව සිටි ඇති බවට තහවුරු වී ඇතැයි වැල්ලවත්ත පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.