
පසුගිය අරගල සමයේ ඊට දායකත්වය නායකත්වය දුන් බව කියන ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයකු වන දනේෂ් අලි නැමැත්තා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී 27 දහවල් කාලයේ දුම්රිය ස්ථානය රාජකාරි කරන නිලධාරීන් පිරිසක් සමග ඇති වූ බව කියන ගැටුම්කාරී තත්ත්වයක් සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක හමුදා භාරයට ගෙන ඇත.
ආරක්ෂක හමුදා භාරයට ගත් මොහු වැඩිදුර පරීක්ෂණ සඳහා කොටුව පොලිස් ස්ථානයට භාර දුන් බව දුම්රිය ස්ථානය උසස් නිලධාරියෙක් පැවැසීය.
දුම්රිය ආරක්ෂක හමුදාව විසින් බාර දුන් මොහු සැකපිට අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසියේ නිලධාරියෙක් කීය.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද රාත්‍රියේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
අරගල සමයෙන් පසු මොහු කටුනායක ගුවන් තොටුපොළෙන් රටින් පිටවීමට ගිය වකවානුවේ ගුවන් යානය තුළදී පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර සිටි අයෙක් යැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි