ඊශ්‍රායල – හමාස් ගැටුමේදී පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම අනුමත කරන්න බෑ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

0
ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ඊශ්‍රායල – හමාස් ගැටුමේදී පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම අනුමත නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (22) මන්නාරම ප්‍රදේශයේ පැවති උත්සවයකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ගැටුම් නවත්වා සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෙන යන වැඩපිළිවෙළට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය ලබාදෙන බවය.

මන්නාරම මුසලි ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති මිලාදුන් නබි උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විය.

ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී ජාතික මීලාදුන් නබි සැමරුම වෙනුවෙන් සමරු මුද්දරයක්ද නිකුත් කෙරිණි.

මන්නාරම දිස්ත්‍රික්කය තුළ විශාල සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ඒ යටතේ ඉන්දියාව සහ ලංකාව එක්ව විදුලි බල පද්ධතිය දියුණු කිරීමට ද සැලසුම් කර ඇති බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්පූර්ණ කතාව පහළින්,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ