ව්‍යාපාරික ලලිත් කොතලාවල සහ කලාශූරී රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වෙයි

0
ව්‍යාපාරික ලලිත් කොතලාවල

ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (21) උදෑසන ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

මිය යන විට ලලිත් කොතලාවල මහතා 84 හැවිරිදි වියේ පසු වුණා.

කලාශූරී රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වෙයි

කලාශූරී රැජිණි සෙල්වනායගම්

දෙස් විදෙස් සුපතල ප්‍රවීණ නර්තන ශිල්පිනියක් කලාශූරී රැජිණි සෙල්වනායගම් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රාජගිරිය කලපළුවාවේ පදිංචිව සිටි රැජිණි සෙල්වනායගම් මහත්මිය මිය යන විට මියයන විට 71 වැනි වියේ පසු වූවා.

රැජින සෙල්වනායගම් මහත්මිය කලා කීර්ති සහ විශ්ව කලා කීර්ති යන සම්මානයෙන්ද පිදුම් ලැබුවා.