හොරණ තරුණියක් බලහත්කාරයෙන් පැහැරගෙන (Video)

0
තරුණියක් බලහත්කාරයෙන් පැහැරගෙන

හොරණ ප්‍රදේශයේ ආපනශාලාවක් වෙත කඩාවැදුණු පිරිසක් එහි ආහාරගනිමින් සිටි තරුණියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තිබේ.

මෙලෙස පැහැරගෙනගොස් ඇත්තේ 34හැවිරිදි වියේ පසුවන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

කෙසේ වෙතත් එම පැහැරගැනීම සමබන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා හෝටල් සේවකයින් විසින් පොලීසිය දැනුවත් කර තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ හොරණ පොලීසියේ නිලධාරීන් විසින් පැය 3කට ආසන්න කාලයකදී පැහැරගත් තරුණිය සොයාගෙන ඇති අතර එහිදී පැහැරගැනීම සඳහා පැමිණි පිරිසද අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

ඒ බණ්ඩාරගම අඟුරුවාතොට මාර්ගයේ ලෙනවර උයන ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදීය.

Ada Derana