ප්‍රියන්තට ස්තූතියි – සෝමරත්න දිසානායක

0
ප්‍රියන්තට ස්තූතියි

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ අවමංගල්‍ය උත්සවයේ ස්තූති කතාව සිදු කරමින් සහ ඔහුගේ පුත් සජිත ඇන්තනි විසින් සිදුකරන ලද ප්‍රියන්තට ස්තූතියි ප්‍රකාශය පිළිබඳව ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සෝමරත්න දිසානායක මහතා අදහස් පළ කරයි.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඔහු පෙන්වා දෙන්නේ ඒ මොහොතේ සජිත ඇන්තනි මහතා තම පියාගේ වියෝව හේතුවෙන් සිටි තත්ත්වය තමන් තේරුම් ගන්නා බවයි.

එදින අනුරාධපුර රෝහලට ජැක්සන් ඇන්තනි මහතා ඇතුළත් කර ඇත්තේ ප්‍රියන්ත නම් පුද්ගලයෙකු බවට සජිත විසින් කල ප්‍රකාශය පිළිබඳව දිසානායක මහතා සඳහන් කරන්නේ එදින අනතුර වූ අවස්ථාවේ තමන්ගේ වාහනය ජැක්සන් ඇන්තනි රෝහල් ගත කිරීමෙන් පසුව තමන් නාම ලේඛණයේ නම ලියා ගැනීමට වෙලාව වැය නොකළ බවයි.

ඒ වෙනුවට රෝහල පුරා වෛද්‍යවරු ඇතුළු ජැක්සන් ඇන්තනි මහතාට ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය තත්වය කළමනාකරණය කිරීමට තමන් කටයුතු කළ බවද හෙතෙම පැවසීය.

රිය අනතුරු වී පළමු අවස්ථාවේම තමන් එතැනට ගිය ද ජැක්සන් ඇන්තනි මහතා කිසිවක් කතා නොකල නමුත් ඊට ටික වෙලාවකට පසු තමන් සමග කතා කළ බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

ජැක්සන් ඇන්තනි නම් අසාමාන්‍ය චරිතය විසින් මෙරට කලා ලෝකය තුළ කිසියම් හිඩැසක් ඇති කළේ නම් ඒ හිඩැසට සමීපවීමට හෝ හැකියාව ඇත්තේ ඔහුගේ පුතුන් දෙදෙනාට බවද පැවසූ ඔහු ‘මං සජිත පුතාට අකිල පුතාට කියනවා පුතේ තාත්තාගේ අඩිපාරේ යන්න.. තාත්තගෙන් රංගනය ඉගෙන ගන්න.. තාත්තගෙන් කලාව ඉගෙන ගන්න.. තාත්තගෙන් සාහිත්‍යය ඉගෙන ගන්න.. ඒ වගේම තාත්තාගේ මනුස්සකමක් ඉගෙන ගන්න කියලා’