වසන්තා හඳපාන්ගොඩ ලන්සාගේ සංධානය හා එක්වේ

0

පොහොට්ටුවේ ප්‍රභල සාමාජිකාවක් වූ වසන්තා හඳපාන්ගොඩ මහත්මිය නව සන්ධානයට එක්ව තිබෙනවා.

ඊයේ පස්වරුවේ අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලන්සා, එස් අමරසිංහ සහ සුගීශ්වර බණ්ඩාර යන පිරිස සමඟ කොළඹ දී පවතී විශේෂ හමුවකින් පසුව ඇය මෙසේ එම කණ්ඩායමට එකතුවී ඇති බව වාර්තා වේ.

ඉදිරි කාලය තුල ඇය නියෝජනය කරන වෘත්තීය සමිතියේ විධායක සභාව රැස්කර ඔවුන්ගේ සහායද නව සන්ධානයට ලබා දෙන බව ඇය මෙම විශේෂ සාකච්චාවේදී පවසා තිබෙනවා.

ඉදිරි කාලය තුල තවත් පොහොට්ටුවේ වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක් නව සන්ධානයේ වැඩපිළිවෙළ සමඟ එක්වීමට නියමිත බවද ඇය මෙහිදී පවසා ඇත.

වසන්තා හඳපාන්ගොඩ ට නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයෙන් කැඳවීමක්

වසන්තා හඳපාන්ගොඩ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල වෘත්තීය සමිති සාමාජිකාවක් වන වසන්තා හඳපාන්ගොඩ මහත්මිය නව සන්ධානයට එක් වූ බව වෙබ් අඩවියේ පල වීමත් සමග නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයෙන් එම මහත්මියට කැඳවීමක් ලැබී තිබෙනවා.

එම අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් සහ මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා මහතා විසින් හඳපාන්ගොඩ මහත්මියට එම පුවත පෙන්වා තිබෙනවා.

ඒ පිළිබඳව නව සන්ධානයේ පක්ෂ මූලස්ථානයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ඇය නෙළුම් මාවත මූලස්ථානයට යන බව දැනුම් දුන් බවයි.

ඒෂියන් මිරර්