පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ?

0
පාර්ලිමේන්තු මැතිවරණය

පාර්ලිමේන්තු මැතිවරණය ක්‍රමය වෙනස් කිරීම සඳහා හදිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

අධිකරණ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් රජය වෙනුවෙන් එම කැබිනට් පත්‍රිකාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීන් 225 දෙනාගෙන් 160ක් ඍජු ලෙසට ජනතාව විසින් ඡන්ද කොට්ඨාස මට්ටමින් තෝරාගත යුතු වනවා.

ඉතිරි සංඛ්‍යාව වන මන්ත්‍රීන් 65 දෙනා ජාතික හෝ පළාත් මට්ටමින් සමානුපාතික ක්‍රමයට තෝරා ගැනීම පිණිස විධිවිධාන සැලැස්විය යුතු බව සඳහන්.

ඒ සඳහා නව ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට රජය අපේක්ෂා කරන බැවින් ඊට අනුමැතිය ලබාදෙන ලෙස අධිකරණ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යොමුකළ කැබිනට් පත්‍රිකාවේ සඳහන්.

දැනට පවත්නා ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225ක් වන අතර ඉන් 196 දෙනෙක් සමානුපාතික ක්‍රමයට දිස්ත්‍රික් මට්ටමින් තෝරා ගැනෙන අතර සෙසු මන්ත්‍රීන් 29 දෙනා ඒ ඒ පක්ෂ ලබන ඡන්දවල අනුපාතය අනුව අදාළ පක්ෂවලින් තෝරා ගනු ලබනවා.

කෙසේ වෙතත් නව ව්‍යවස්ථා සංශෝධනය සිදුකළහොත් මැතිවරණ සීමා නීර්ණය කොමිසමක් මගින් මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණයක් සිදුකොට ඊට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත යුතු වනවා.

මැතිවරණය කල් දැමීමට රජය කුමන්ත්‍රණයක – සජිත්

මේ වනවිටත් පළාත් පාලන මැතිවරණය දින නියමයකින් තොරව කල් දමා ඇති ආණ්ඩුව ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණය කල් දැමීමට කූඨ උපක්රම සකස් කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කොට ඇත.Sri Lanka Latest News

ඒ මහතා පෙන්වා දෙන්නේ මැතිවරණ ක්රමය වෙනස් කරමු යන මාතෘකාව මුල් කරගෙන ආණ්ඩුව මෙම සැලසුම දියත් කිරීමට සූදානමින් සිටින බවකි.

ආණ්ඩුව මේ සූදානම් වන්නේ රට නැවතත් අන්ධකාර අතීතයකට රැගෙන යාමට බව සිය නිවේදනයෙන් පෙන්වා දෙන විපක්ෂනායකවරයා ඊට කිසිසේත්ම ඉඩ නොතබන බවද සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත.

පාර්ලිමේන්තු මැතිවරණය