කටවුට් සහ පෝස්ටර්වල ජනපති රුව බෑ

0
කටවුට් සහ පෝස්ටර්වල

මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.

එසේම සෑම පෝස්ටරයකම  ඡායාරූපය ප්‍රදර්ශනය කිරීමෙන්  වලකින ලෙස අනෙකුත් දේශපාලන නායකයින්ගෙන් ද ඉල්ලා සිටි ජනාධිපතිවරයා කටවුට් සහ සටන් පාඨ දේශපාලනයෙන් බැහැරව ජනතා අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් සියලු දේශපාලනඥයන් සාමුහිකව කැපවිය යුතු බව කීය.

මඩකළපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වන සංවත්සර උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය