
ජනාධිපති අපේක්ෂත්වය සඳහා සමගි ජන බලවේගය තුළ දැඩි මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇති බව වාර්තාවේ.
ඒ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ සභාපති සරත් ෆොන්සේකා මහතා එම අපේක්ෂකත්වය සඳහා සූදානම් වී සිටීමයි.
සජිත් පේ‍්‍රමදාස මහතා මීලග ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කර ඇතත් සරත් ෆොන්සේකා මහතාද ජනාධිපතිවරණය ඉලක්ක කරමින් රට පුරා ජනහමු සංවිධානය කරමින් සිටී.
ඒ හේතුවෙන් පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයට දැනුම්දීම රැසක් කර ඇත.
නමුත් ෆොන්සේකා මහතා එම කිසිදු දැනුම්දීමක් නොතකා තම කාර්යයේ නිරත වෙමින් සිටී.
රොෂාන් රණසිංහ සරත් ෆොන්සේකා සහ සරත් වීරසේකර ජනාධිපතිවරණයට
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් වීමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා සහ සරත් වීරසේකර තරග කරනු ඇති.
සරත් ෆොන්සේකා මහතා දූෂණය පිටුදැකීමේ තේමාවෙන් කුඩා පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බවයි මෙරට පළ වන ජාතික පුවත්පතක දැක්වෙන්නේ.
ඒ සඳහා ඔහු දැනටමත් ප්‍රාදේශීය මට්ටමින් ජනහමු අමතමින් සිටින බව සඳහන්.
එහෙත් ඔහු මෙතෙක් තමන් දරණ සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් ඉවත් වී නැහැ.
ජාතික බලවේග පදනම් වූ සංවිධානයක් හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සරත් වීරසේකර මහතා කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
හිටපු පළාත් ආණ්ඩුකාරවරියන් සහ හිටපු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ ප්‍රධානීන් ගණනාවක් වීරසේකර මහතාගේ දේශපාලන ව්‍යාපෘතියේදී ඔහුට සහය පළ කරන බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
අමාත්‍ය රොෂාන් රණසිංහද ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන දැන් ප්‍රාදේශීය වශයෙන් ජනතාව දැනුවත් කරමින් සිටින බව සඳහන්.