ෂී යැන් 6 (Shi Yan 6) නෞකාව ඉන්දින් සාගරයට. ශ්‍රී ලංකාව දෙසට පැමිණෙයි.

0
ෂී යැන් 6 (Shi Yan 6)

ෂි යැන් 6 නමැති අදාළ චීන සමූද්‍ර පර්යේෂණ නෞකාව දිවයිනට පැමිණීම සඳහා වන අවසරය ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලබාදී ඇති බව මීට පෙර පැවැසුවද පසුගියදා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කළේ ෂි යැන් 6 නෞකාව කොළඹ වරායේ නැංගුරම් ලෑමට අවසරදී නැති බවය.

කෙසේවෙතත් නෞකාව මෙරටට ඇතුළුවීම සම්බන්ධයෙන් නිල ප්‍රතිචාරයක් නොදක්වන පසුබිමක ෂී යැන් 6 පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, ඔක්තෝබර් මස 17 සහ 18 ජනාධිපතිවරයාගේ චීන සංචාරය අතරතුරදී හෝ ඉන් පසුව මෙම නෞකාවට මෙරටට ඇතුළුවීමට අවසර ලබාදීම සඳහා තීරණය කරනු ඇති බවය.

ෂි යැන් 6 සමුද්‍ර පර්යේෂණ නෞකාව යනු භූ භෞතික ගවේෂණ සහ භූ කම්පන පිළිබඳ තොරතුරු එක්රැස් කිරීමට සහ විශ්ලේෂණය කිරීමේ හැකියාවක් ඇති චීනයේ පළමු නවීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාවය.

නාරා ආයතනය පැවසුවේ රුහුණු විශ්වවිද්‍යාලයත් සමග එක්ව සාගර විද්‍යා පර්යේෂණයක් සඳහා ජල නියැදි පරීක්ෂාවක් සිදුකිරීමට එම නෞකාව හා එක්වී කටයුතු කරන බවය.