
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඕනෑම අවස්ථාවක පක්ෂයකට බාර ගැනීමට සූදානම් නමුත් සභාපති ධූරය සහ ලේකම් ධූරය ඔහුට පිරිනැමීමට බලාපොරොත්තුවක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ එම පක්ෂයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් මෙන්ම අනු සංවිධාන නියෝජිතයන් සමග කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවති සාකච්ඡාවකදීය.
“දයාසිරි කැමතිනම් ප්‍රශ්නයක් නෑ.එයාට ඕනම වෙලාවක එන්න පුළුවන්” යැයිද මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී කීවේය.
දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ ලේකම් ධූරයෙන් ඉවත් කිරීමේ තීරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ට දීර්ඝව කරුණු පැහැදිලි කළේය.
ලබන වසර මැතිවරණ වර්ෂයක් බවත් මැතිවරණයක් හෝ දෙකක් පැමිණිය හැකි හෙයින් කල් තියා ඒවාට සූදානම් වන්නැයි ඉල්ලා සිටින බවත් පක්ෂ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන්වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක සහ ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුද සහභාගිවූහ.